ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වෙනවා

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වෙනවා

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට” සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට ඊයේ (16) එක් වෙමින්.

මන්නාරම නගර ශාලාවේදී පැවති මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට” ජනාධිපතිවරයා පළමුව එක් විය.

“දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්” මැයෙන් මෙම තරුණ සමුළුව සංවිධාන කර තිබූ අතර 2023/2024 අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් එය සිදු කෙරිණි.

Share This