රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරු මරුට

රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරු මරුට

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊයේ (27) ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේ දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි.

ඔහු වසර 32 කට පසුව සිය මව බැලීමට යාපනයට පැමිණීමට නියමිතව සිටියදී ඔහුට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කර සිට ඇති අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

ශාන්තන්ගේ මව විසින් ඉන්දීය රජයට ඉදිරිපත් කරන ලද අභියාචනයක් සැලකිල්ලට ගැනීමෙන් පසුව ඉන්දීය රජයේ ඇනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කර තිබුණි.

ඒ අතර කාලවකවානුව තුළදීයි ශාන්තන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

Share This