පළාත් රැසකට යළිත් තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.