පළාත් රැසකට පස්වරු 1න් පසු ගිගුරුම් සහිත වැසි

පළාත් රැසකට පස්වරු 1න් පසු ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ පළාත් වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය පවසනවා.

එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි .

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share This