පළාත් රැසකට තද වැසි තවදුරටත්

පළාත් රැසකට තද වැසි තවදුරටත්

නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් පවතින් වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි සදහන් දෙපාර්තමේන්තුව පවසන්නේ.

සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ වයඹ පළාත් වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇති වනවා.

එමෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවද සදහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මී. 50-60 ක පමණ තද සුළං බලාපොරොත්තු වියහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.

Share This