කාලගුණයේ වෙනසක්

කාලගුණයේ වෙනසක්

අද (15) දිනය තුළ නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.