පළාත් රැසකට අදත් වැසි

පළාත් රැසකට අදත් වැසි

උතුරු , උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපයේදීත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-35) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.