දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස 132ක් පාලුවට ඇරලා
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය නිල නිවාස 132ක් කිසිඳු පුද්ගලයෙකුගේ පදිංචියක් නොමැතිව හිස්ව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.
දුම්රිය ස්ථාන 05කට අනුබද්ධ රජයේ නිවාස 132ක් මේ අයුරින් කිසිවෙකු පදිංචි වි නොමැතිව හිස්ව පවතින බවද මෙකි වාර්තාවේ සදහන් වේ.
මෙම නිවාස අතුරින් ජලය, විදුලිය නොමැති නිවාස ගණනාවක්ද පැවතින බව විගණන වාර්තාවේ සදහන් වේ.
පදිංචියට අව්යශ්ය මුලික පහසුකම් සපුරා දි මෙකි රජයේ නිවාස ප්රයෝජනයට ගතයුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.