ලෝකයේම අවධානය දිනාගත් මතභේදාත්මක ‌කෝවිල ඉන්දීය අගමැති විවෘත කරයි

ලෝකයේම අවධානය දිනාගත් මතභේදාත්මක ‌කෝවිල ඉන්දීය අගමැති විවෘත කරයි

රාම් හින්දු දෙවියන් වෙනුවෙන් ඉන්දියාවේ අයෝධ්‍යාව තුළ ඉදිකළ මතභේදාත්මක කෝවිල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබීය. මෙම කෝවිල ඉදිකරනු ලැබුවේ පල්ලියක් ඉවත් කිරීමෙන් අනතුරුවය.

1992 දී හින්දු කෝලහාල සමයේදී විනාශ කරන ලද 16 වන සියවසේ මුස්ලිම් පල්ලියක් ප්‍රතිස්ථාපනය කිරීමෙන් අනතුරුව මෙම කෝවිල ඉදිකර තිබේ. මෙම කෝලහාල වලින් ඉන්දියාව පුරා පුද්ගලයන් 2000ක් පමණ මියගියේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කෝවිල විවෘත කිරීම අද දිනයේදී ලෝකයේ ප්‍රමුඛතම පුවත් සේවා තම ප්‍රධාන ප්‍රවෘත්තිය ‌ලෙස ගෙන තිබුණේ එය තරමක මතභේදාත්මක සිදුවීමක් වූ නිසාය.

අයෝධ්‍යාවේ පැවති උත්සවයට ප්‍රමුඛ පෙළේ සිනමා තරු සහ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු ආරාධිත අමුත්තන් දහස් ගණනක් සහභාගී වූහ.

නමුත් සමහර හින්දු භක්තිකයන් සහ බොහෝ විරුද්ධවාදීන් එම උත්සවය වර්ජනය කිරීමට කටයුතු කළේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ක්‍රියාවෙන් දේශපාලන වාසි ලබා ගැනිමට උත්සාහ කරන බවට සඳහන් කරමිනි.

ඉදිරි මාස කිහිපය තුළ ඉන්දියාවේ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. මෙම කෝවිල ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 217ක් වියදම් වී ඇති අතර කෝවිලේ භාරකාර මණ්ඩලය පවසන්නේ එය පුද්ගලික පරිත්‍යාගවලින් සිදුකළ බවයි.

Bollywood actor Amitabh Bachchan, center left with his son Abisheik Bachchan, center right along with other chief guests sit awaiting the opening of a temple dedicated to Hindu deity Lord Ram, in Ayodhya, India, Monday, Jan.22, 2024. Indian Prime Minister Narendra Modi is set to open a controversial Hindu temple built on the ruins of an ancient mosque in the holy city of Ayodhya in a grand event that is expected to galvanize Hindu voters months before a general election. (AP Photo/Rajesh Kumar Singh)