බලන්ගොඩ රා තැබෑරුම දෙකෝටි විසිඑක් ලක්ෂයකට වෙන්දේසි වෙයි

බලන්ගොඩ රා තැබෑරුම දෙකෝටි විසිඑක් ලක්ෂයකට වෙන්දේසි වෙයි

බලන්ගොඩ නගරයේ ඇති රා තැබෑරුම 2025 වසර සඳහා දෙකෝටි විසිඑක් ලක්ෂයකට අද (12) බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී ටෙන්ඩර් වූ බව බලන්ගොඩ ප්‍රදේශීය මහ ලේකම් ලක්ෂිකා මිගෙල්ආරචිචි මහත්මිය පැවැසුවාය.

එම රා තැබෑරුම 2025 වසර සදහා වෙන්දේසි කිරීම සදහා ලංසු කැදවා තිබුණු අතර එහිදී ටෙන්ඩර්කරුවන් හතර දෙනෙකු විසින් මිල ගණන් ඉදිරිපත්කර තිබුණි.

නියමිත කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් එක් ටෙන්ඩර් පතක් අවලංගු කෙරැණ අතර ඉතිරි ටෙන්ඩර්පත් වලින් ඉහළම අගයක් ඉදිරිපත් කර තිබුණ දෙකෝටි විසිඑක් ලක්ෂක මුදලකට එය වෙන්දේසි කෙරිණි.

එම රා තැබෑරුම 2025 වසර සදහා රජයේ තක්සේරු වෙන්දේසි මුදල ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් ලෙස තක්සේරු කර තිබුණි.