පුනරුත්ථාපන තරුණයෙකු සැක කටයුතු ලෙස මරුට

පුනරුත්ථාපන තරුණයෙකු සැක කටයුතු ලෙස මරුට

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයකු මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයකු බව පොලීසිය හඳුනාගෙන ඇත.

මරණය පහරදීමකින් සිදුවූවාදැයි සොයා පරීක්ෂණ පවත්වන පොලිසිය තරුණයාට අත්වලට මාංචු දමා කකුල්වලට යකඩ දම්වැල් දමා පහර දුන්නැයි කියැවෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද කියයි.

දැඩි ලෙස අසාධ්‍යව සිටි ඇති තරුණයා මිනුවන්ගොඩ රෝහලට රැගෙන එන විටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකශකයෙක් පැවැසීය.