අන්තර් භික්ෂු බලමණ්ඩල විරෝධතාවට ජල ප්‍රහාරයක්

අන්තර් භික්ෂු බලමණ්ඩල විරෝධතාවට ජල ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය අරඹා තිබූ විරෝධතාවකට කොළඹ පුරහල ආසන්නයේ දී පොලිසිය ජල ප්‍රහාරයක් එල්ලකර විසුරුවාහැරිමට කටයුතු කළේය.

පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය අධ්‍යනය ඇතුළු ශාස්ත්‍රීය විෂයන් කප්පාදු කිරීමට එරෙහිව හා පේරාදේණිය, කැලණිය, ඇතුළු සරසවිවලට සිසුන් බඳවා ගැනීම පුළුල් කරන ලෙසට ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

විරෝධතාකරුවන් සොයිසා වටරවුමේ සිට වෝර්ඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට ඇතුලු වීමට උත්සහ කිරීමේ දී පොලිසිය ඔවුන් වැලැක්වීමට ජල ප්‍රහාර එල්ල කර ඇත.

Share This