අන්තරේ විරෝධතාවයකට එරෙහිව තහනම් නියෝගයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබෙන විරෝධතාවයකට එරෙහිව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, මැදිරිගිරියේ ධම්ම හිමි, උදාර රණසිංහ, චමෝද් රණසිංහ ඇතුළු පිරිතක් ප්රමුඛ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහිව අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව, ඔවුන්ට අද පස්වරු 1:00ත් සවස 6:00ත් කාලය තුළ කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වාද NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු පාරද, අවහිර නොකරන ලෙස ද මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට ඇතුළුවිම වළකින ලෙසද දැනුම්දී තිබේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් ජනාධිපති මන්දිරය පිහිටි අධි ආරක්ෂිත කලාපයට ඇතුළු වී උද්ඝෝෂණය කිරිමට සුදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියමින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.