සිමෙන්ති සංස්ථාවට නව සභාපතිවරයෙක්
බැංකු හා මූල්‍ය ක්ෂේත්රයේ වසර 37 ක අත්දැකීම් ඇති බැංකුකරුවෙක් වන ප්‍රියන්ත පීරිස් මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
1986 වසරේ දී බැංකුකරණයට පිවිසි, මූල්‍යකරණය හා බැංකුකරණය පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත ප්‍රියන්ත පීරිස් මහතා ශ්‍රී ලංකාව, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය (ඩුබායි) යන රටවල පුද්ගලික බැංකුකරුවෙක් ලෙස වසර 37ක විශිෂ්ට සේවා කාලයකට හිමිකම් කියනවා.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ Missouri අන්තර්ජාතික විශ්වවිද්‍යාලයෙන් (The International University, Missouri, USA ) ව්‍යාපාර පරිපාලනය පිළිබඳව තම MBA උපාධිය හිමිකරගෙන තිබෙනවා.