හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු CID අත්අඩංගුවට
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ මහතාව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2011 වසරේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්වා ඇති ‘ඉසුරු සවිය’ නම් සැමරුම් උත්සවය සඳහා සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183 ක මුදලක් වැය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අමාත්‍යාංශ ගණනාවක ලේකම් ධුරය හොබවා ඇති මයාදුන්නේ මහතා රාජ්‍ය පරිපාලන, මහාමාර්ග මෙන්ම අධිකරණ ආදී අමාත්‍යාංශවල ලේකම්වරයෙකු ලෙස ද කටයුතුකර තිබේ.