ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවයි, පවුලේ ආරංචි මාර්ග පැවසුවේ.
මිය යන විට ඔහු 80 වැනි වියෙහි පසුවිය.
ප්‍රියා සූරියසේන මහතාගේ දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
1952 ඔක්තෝබර් 27 වැනි දා නාත්තන්ඩිය ප්‍රදේශයේ දී උපත ලද ඔහු නාත්තන්ඩිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය හදාරා තිබේ.
1971 වසරේ දී කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු අනතුරුව කළුබෝවිල විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස වැඩ බාර ගනු ලැබීය.
පසුව දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කිරීමෙන් පසු වසර 10ක සිය ගුරු වෘත්තිය නිම කළ අතර ඉන් පසු ඔහු වෘත්තිය ගායකයෙකු ලෙස කටයුතු කළේය.
සිහින විජිතේ, ඔබ කඳුලේ උපතයි, මට වාසනා ඔබ, මාගේ සැමරුම් පොතේ, මගේ ලමැද, ලිහිණින් රෑන පියා, සඳ තාරකා, සුදු පරවි රෑන සේ, රටකින් එහා ඉගිලී , හැරදා විමන්, අඳුර අඳුර මගේ, මල්සර හිනාව, එකම වීදියේ, ජීවිතේ මගේ ඔයා, කැන්දන් යන්නම් වැනි රසිකයින්ගේ හදවත් ස්පර්ශ කළ ශීත රැසක් ඔහු ගායනා කර තිබේ.