බන්ධනාගාර නිලධාරින් 1800 කගේ හිඟයක්
බන්ධනාගාර නිලධාරින් 1800 කගේ හිඟයක් පවතින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කරයි.
බන්ධනාගාර නිලධාරී හිඟය හේතුවෙන් සෝදිසි කිරීම් වලට බලපෑම් එල්ලවී ඇති බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ වනවිට දිවයිනේ බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාව 300% දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
රැඳවියන් පරීක්ෂාව සඳහා තාක්ෂණික සහය ලබා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.