අශ්වයෙකුගේ පහර දීමෙන් ඈන් කුමරිය රෝහල් ගත කෙරේ

අශ්වයෙකුගේ පහර දීමෙන් ඈන් කුමරිය රෝහල් ගත කෙරේ

එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයේ පිහිටි සිය වතුයායේදී අශ්වයකුගේ පහරක් වැදීමෙන් සුළු තුවාල ලැබූ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාළිගාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

73 හැවිරිදි ඈන් කුමරිය තුවාල ලබා ඇත්තේ, අශ්වයා විසින් පා පහරක් එල්ල කිරිමෙන් හෝ අශ්වයාගේ හිස වැදීමෙන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සිය වතුයායේ ඇවිදමින් සිටියදී ඒ අසල සිටි අශ්වයකු විසින් එම පහරදීම සිදු කර ඇති අතර, එම සිදුවීමෙන් ඈන් කුමරිය කම්පනයට පත්වූ බවත්, මේ වන විට ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඈන් කුමරිය මේ මස අගභාගයේදී කැනඩාවේ සංචාරය කිරීමට නියමිතව සිටි බවත්, ඇය රෝහල්ගත කිරීම නිසා එම සංචාරය අවලංගු කර ඇති බවත් වාර්තා වේ.

මේ සතිය අවසන් වනතුරු ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇතැයි ද බකිංහැම් මාළිගාවෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.