විදුහල්පති සිසුවෙකුගේ පොත් වවුචරයට විදලා

විදුහල්පති සිසුවෙකුගේ පොත් වවුචරයට විදලා

තම දරුවාට පොත් හා පාසල් උපකරණ ලබා ගැනීමට රජයෙන් ලබා දුන් රුපියල් 6000 ක වවුචරය කදුරුවෙල වෙළෙද ආයතනයකට ලබාදී විදුහල්පතිවරයා‍ භාණ්ඩ ලබාගත් බවට චෝදනා කරමින්, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද මහා විද්‍යාලයක පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියෙක් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට සහ දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලට ලිඛිතව පැමිණිල්ලක් කර තිබේ.

විදුහල්පතිවරයා අදාළ භාණ්ඩ ලබාගත් පසු තමාගේ ජංගම දුරකථනයට එම පණිවිඩය ලැබුණු බවද ඔහු එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ත්‍රිකෝණමඩුව මහා විද්‍යාලයක 01 වසරේ ඉගෙනුම දරුවාට පාසල් පොත් හා උපකරණ ලබා ගැනීමට එම වවුචරය ලබාදී තිබිණි.