ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් චෝදනා

ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් චෝදනා

ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ICC හි දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල වී

ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල කර තිබේ.

ඒ 2021 වසරේ ලංකා ප්‍රිමිය ලීග් තරග මුදලට පාවාදීමට අදාළවයි.

ඒ අනුව, ඔහුට එල්ල වී ඇති චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සදහා පසුගිය 6 වනදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි, ICC ය නිවේදනය කර ඇත්තේ.

නමුත් මෙම තරග පාවාදීම්වලට සම්බන්ධ වන ලෙස ඔහුට එවූ ව්ට්සැප් පණිවිඩ ප්‍රවීන් ජයවික්‍රම විසින් මකා දමා ඇති බව වාර්තා වේ.

එම යෝජනාවන් පිළිබඳව ඔහු නියමිත කාලයේදී ICC ය දැනුවත් නොකළ බවටයි, ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා එල්ල වී ඇත්තේ.

25 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 තරග 15ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 32ක් ලබා ගැනීමට සමත් වී තිබේ.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2022 වසරේ ඔස්ට්‍රේලියාව සමග පැවති T20 තරගාවලියේ දීයි.