පොහොට්ටුවේ ඔබ වටේ සිටි පිරිස ඔබව ඇන්දුවා – ප්‍රසන්නගෙන් මහින්දට ලිපියක්

පොහොට්ටුවේ ඔබ වටේ සිටි පිරිස ඔබව ඇන්දුවා – ප්‍රසන්නගෙන් මහින්දට ලිපියක්

පොහොට්ටුව ලකුණ යටතේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ තීරණය පොහොට්ටුවේ බහුතර පාක්ෂිකයින්ගේ අපේක්ෂාව හෝ පක්ෂය පිළිබඳව කල්පනා කර ගනු ලැබූ තින්දුව නොවන බවත්, ඒ සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පොළඹවනු ලැබූ කණ්ඩායම එසේ කළේ ඔහුට හෝ පක්ෂයට ආදරය නිසා නොවන බවත් පෙනෙන බැවින් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව එම තින්දුවට ප්‍රතික්ෂේප කරන බව පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් නායක මෙන්ම නිවාස සහ නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පලාගිය ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලය පූරණය කිරීමට පත් කරගත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය හා ආශීර්වාදය මත බවය.

තමන් කළේ එම නිවැරදි තින්දුවට සහය පල කිරීම පමණක් බව ද ඔහු පෙන්වා දෙන්නේය.

රට සහ පොහොට්ටු පාක්ෂිකයන් ගැන කල්පනා කර රනිල් වික්‍රමසිංහට තවත් ධූරකාලයක් සඳහා ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට තීන්දු කළ තමා එජාප සරණ ගොස් නැති බවත්, තවමත් තමා මහින්ද රාජපක්ෂ මහතා පරමාදර්ශී නායකයා ලෙස පිළිගන්නා පොහොට්ටු පාක්ෂිකයෙක් බවත් ඔහු එම ලිපියේ දන්වා තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ලිපිය පහතින්