නොවිය යුතු දෙයක් එදා මා අතින් සිදු වුණා – ඇමති ප්‍රසන්න වරද පිළිගනී

නොවිය යුතු දෙයක් එදා මා අතින් සිදු වුණා – ඇමති ප්‍රසන්න වරද පිළිගනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසූවේ, අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව යමින් සිටියදී, එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙනි.

මෙම සිදුවීමෙන් පසුව, මෙම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණය යටතේ ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ “ඒ මනුස්සයා පව්නෙ, ඒ මනුස්සයා රස්සාවට එන්න ඕනෑ, ඇවිත් වැඩ කරන්න එපායැ, නැතිනම් ජීවත් වෙන්න විධියක් නැහැනෙ” යනුවෙන් ද පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මෙම සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද (17) දින උදෑසන අමාත්‍යවරයා වෙත කැදවීමක් සිදු කර තිබුණි.

ඒ අනුව, උදෑසන 10.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත අමාත්‍යවරයා පැමිණි අතර පැයකට ආසන්න කාළයක් තුළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන 11.40 ට පමණ පොලිසියෙන් පිටතට පැමිණියේය.

Share This