ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට විමර්ශනයක් සඳහා කැඳවීමක්

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට විමර්ශනයක් සඳහා කැඳවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලබන 22 වනදා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.

පසුගියදා තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දීම අනුව මෙම කැඳවීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ලෝක කුසලාන තරගාවලිය අවසන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථවේ දී ගුවන් තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සඳහන් කළේ තරග පරාජයන්ට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි.

ඒ, සම්බන්ධයෙන් අනාවරණය කිරීමට තමන්ට දින දෙකක් ලබාදෙන ලෙසට ද ඔහු එහිදී ඉල්ලීමක් කර සිටියා.

ඊට දින කිහිපයකට පසුව එනම් පසුගිය 13 වනදා ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනාවරණයන් කිහිපයක් සිදුකළා.

Share This