විදුලි බිල් නොගෙවූ 5000කගේ සැපයුම විසන්ධි කරලා

විදුලි බිල් නොගෙවූ 5000කගේ සැපයුම විසන්ධි කරලා

හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් රට පුරා 5,000කට ආසන්න විදුලි පාරිභෝගිකයන් පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඉන් වැඩි පිරිසක් විදුලි සැපයුම නැවත ලබා ගැනීමට ඉල්ලුම් කර ඇතත් 10%කට ආසන්න පිරිසක් විදුලි සබඳතා නැවත ලබා නොගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග පවසන්නේ.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල නොගෙවූ විදුලි බිල්පත් අනෙක් දිස්ත‍්‍රික්ක වලට සාපේක්ෂව බෙහෙවින් ඉහළ ගොස් ඇති බවද පැවසේ.

Share This