
විදුලි කප්පාදුව ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වුණා.
ඒ අනුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි පියවර ගැනුණේ.
මේ වනවිට බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබේ.
ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300කි.
ඒ අනුව විදුලි කප්පාදුව අවසන් කිරීමට තීරණය කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.