
අද සිට පැය එකහමාරක විදුලි කප්පාදුවක් – ලංකා විදුලිබල මණ්ඩලය
පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
විදුලිබල මණ්ඩලය පැවසුවේ අද සහ හෙට දිනයේදී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවයි.
ඒ අනුව පස්වරු 3.30 සහ 09.30 අතර සමස්ත දිවයිනම ආවරණය පරිදි මෙම කප්පාදුව සිදුවනවා.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.