විදුලි සංදේශ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

විදුලි සංදේශ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව, විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති පරිදි සංශෝධනය කළ යුතු බවත් එම තීන්දුවේ සඳහන්ය.

එමෙන්ම එහි ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායකවරයා මෙහිදී පැවසීය.

 

Share This