විදුලි ගාස්තු සං‌ශෝධනයේ අවසන් නිර්දේශ අද

විදුලි ගාස්තු සං‌ශෝධනයේ අවසන් නිර්දේශ අද

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 18කින් පමණ විදුලි ගාස්තු අඩුවීමක් සිදුවනු ඇති බවය.

කෙසේවෙතත් එම අමාත්‍යංශ අධීක්ෂණ කාරක සභාවේ මතය වූයේ සියයට 33කින් විදුලි බිල අඩු කළ හැකි බවය.

මේ අතර, විදුලි බල මණ්ඩලය යොමු කළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් අද පැවැත්වීමටද නියමිතයි.

Share This