තැපැල් වර්ජනය අවසන්

තැපැල් වර්ජනය අවසන්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද පැය 48ක සංකේතාත්මක වර්ජනය අවසන් කර තිබෙනවා.

තැපැල් වෘත්තිය සමිති එකමුතුව විසින් මෙම වැඩ වර්ජනය ඊයේ (08) සිට ක්‍රියාත්මක කරනු ලැබුවා.

අද (09) දහවල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡාවේ දී හෙතෙම එකඟ වී ඇත්තේ සේවක පුරප්පාඩු නිරාකරණය කිරීමට මැදිහත් වන බවයි.

එම අවස්ථාවේ දී තැපැල් වෘත්තීය සමිති පෙන්වා දී ඇත්තේ ඉදිරියේ දී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් සේවක පුරප්පාඩු සම ඡන්ද කටයුතු පමණක් සිදු කරගත හැකි බවත් සෙසු සේවා කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි.

මේ තත්ත්වයට ගත හැකි පිළියම් සාකච්ඡා කිරීමට නොබෝ දිනකින් තවත් සාකච්ඡාවක් තැපැල් වෘත්තීය සමිති වෙත අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා විසින් ලබා දීමට ද පොරොන්දු වී ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව හෙට (10) දිනයේ සිට සාමාන්‍ය පරිදි තැපැල් සේවය සිදු කෙරෙන අතර අද සවස 04 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු ද සක්‍රීය වනු ඇති