මාස නමයකින් පඩි ගෙවලා නෑ – පොර්ට්සිටියේ සේවක පිරිසකගෙන් විරෝධතාවක්
කොළඹ වරාය නගරයේ සේවයේ නියුතු සේවකයන් පිරිසක් පසුගිය මාස 9ක කාලය තුළ වැටුප් නොගෙවූ බව පවසමින් ඊයේ 07 දින විරෝධතාවයක් පැවැත්වීය.
එහිදී විරෝධතා පුවරු අතැතිව සේවකයෝ කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ නිහඬ විරෝධතාවක නිරතවූහ.
විරෝධතාකරුවන් චෝදනා කළේ, චීනයේ පෝට් හාබර් සමාගම යටතේ තමන් සේවයේ යොදවා ඇති සමාගම විසින් මාස ගණනාවකින් වැටුප් ලබානුදුන් බවයි.
“ඔවුන් අද නැත්නම් හෙට අපිට ගෙවනවා කියලා දිගින් දිගටම කියනවා. මාස 08ක 09ක කාලයකින් ඔවුන් අපට වැටුප් ගෙවා නැහැ. අපි අපේ කාර්ය මණ්ඩලයට ගෙවන්නේ කොහොමද? අපි අපේ පවුල් නඩත්තු කරන්නේ කොහොමද? අපට අවශ්‍ය මේ ප්‍රශ්නයට වහා විසඳුමක්” යැයි ඔවුහු මාධ්‍ය වෙත පැවසූහ.
කොළඹ වරාය නගරයේ සේවය කරන විවිධ සමාගම්වල සේවකයන් 300 ත් 400 ත් අතර පිරිසකට වැටුප් ගෙවා නොමැති බව විරෝධතාකරුවෝ අනාවරණය කළහ.