පොල්පැණි බෝතලයේ හැකරැල්ලෙක්

පොල්පැණි බෝතලයේ හැකරැල්ලෙක්

රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කඳවල හා බටහිර කවුඩාන සෞඛ්‍ය කොට්ඨාසවල ආහාර වැටලීමකදී අලෙවියට තිබූ හකරැල්ලෙක් සහිත පොල්පැණි බෝතලයක් හමුවී තිබේ.

එමෙන්ම එම වෙ‌ෙළඳසල තුළ තිබී කල් ඉකුත් වූ කිරිහට්ටි 38 ක්, කිතුල් පැණි හා පොල් පැණි බෝතල් 10ක් හමුවී ඇති අතර මෙම වෙ‌ළඳසල් හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 12500 ක දඩ මුදලක් නියම කර ඇත.

මෙම පරීක්ෂා කිරීම්වලදී අලෙවි ස්ථාන අටක් පරීක්ෂා කර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සකස් කළ, ගබඩා කළ සහ අලෙවි කළ ආයතන දෙකකට රුපියල් 36500 ක දඩ මුදලක් නියම කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ.ටී.යූ. ජයවර්ධන පැවැසීය.

මෙහිදී කවුඩාන ප්‍රදේශයේ ආයතනයක මුළුතැන්ගේ වහල සිදුරුවී තිබීම, ගෙබිම කඩතොලුවී තිබීම, ඒ මැදින් අපජලය ගලායන කාණුව විවෘතව තැබීම, අපද්‍රව්‍ය සහිත භාජන විවෘතව තැබීම, ආහාර ද්‍රව්‍ය විවෘතව ගබඩා කිරීම, ආහාර පිසින්නන් ආරක්ෂක ඇඳුම් නොපැලඳීම ඒවා පරිහරණය කරන්නන් නිසි වෛද්‍ය සහතික නොමැතිව සිටීම යන චෝදනා යටතේ නඩු පැවරීමෙන් රුපියල් 24000 ක දඩ මුදලක් නියම කර තිබේ.

මීට අමතරව රත්මලාන කඳවල ප්‍රදේශයේ ආපනශාලාවක නරක්වී තිබූ පරාටා කිලෝ පහක්, පිසින ලද මුංඇට කිලෝ හතරක්, බදින ලද මස් කිලෝ එකක් වෙළෙඳසල් හිමිකරුගේ කැමැත්ත මත විනාශකර තිබේ.