පුතා ඝාතනය කළ පියා බන්ධනාගාරයේදී ගෙල වැළලාගනියි

පුතා ඝාතනය කළ පියා බන්ධනාගාරයේදී ගෙල වැළලාගනියි

පසුගිය දිනක පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය ප්‍රදේශයේ දී පිහියෙන් ඇන තම පුතා මරණයට පත් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අවුරුදු 47ක් වයසති පුද්ගලයෙකු ඊයේ (03) සවස බන්ධනාගාරය තුළදී ගෙල වැලලා ගැනීමෙන් පසු අසාධ්‍යව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොළොන්නරුව පොලීසිය පැවසීය.

අංක 152/ 01 සේරුපිටිය, දෙහිඅත්තකණ්ඩිය ලිපිනයේ පදිංචිව සිටි රාජපක්ෂ දේවයලාගේ සදුන් නිමන්ත යන අවුරුදු විසි හතරක් වයසැති තම පුතුට ඉකුත් 30 වෙනිදා පිහියෙන් ඇන මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පියා වූ සේරුපිටිය අංක 152 ලිපිනයේ පදිංචි රාජපක්ෂ දේවයාලාගේ සුමතිපාල යන අය දෙහිඅත්තකන්ඩිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගය කර තිබුණි.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව දෙහිඅත්තකන්ඩිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ඔහු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත යොමු කෙරිණි.

ඔහු මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ගන්නා බව රෝහල් ප්‍රකාශකයකු අප කළ විමසීමකදී සඳහන් කළේය.