පොලිස් අධිකාරිවරු 11කට ස්ථාන මාරු

පොලිස් අධිකාරිවරු 11කට ස්ථාන මාරු

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඩබ්.වී ගිනි ගේ මහතා මාතර කොට්ඨාශ බාර නිලධාරී ලෙසත් කේ.ඩී.ජේ.එල්.ඒ. ධර්මසේන මහතා මීගමුව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, බී.ඩී.ටී.පී.ඒ. වීරසිංහ මහතා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ආර්. ජී.ඒ. බී. ගුණතිලක මහතා කැලණිය කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.ආර්. ගමගේ මහතා අපරාධ වින්දිතයන්ට හා සාක්කිකරුවන්ට සහය දීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ඩී.එස්.අයි.ඒ.අමරසිංහ මහතා පාර්ලිමේන්තු කොට්ඨාශ අධ්‍යක්ෂ ලෙසත්, මංගල වික්‍රමනායක මහතා මාතලේ කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් කේ.එම්.ඊ. පෙරේරා මහතා පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් එච්.ජී.ඩී.එස්. අමරසිංහ මහතා අම්පාර කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් මාරු කර ඇත.

තවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.ඒ.සෝමරත්න මහතා වවුනියාව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා ගම්පොළ කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාරුවීම් සිදුකොට ඇත.