උත්සව සමයේ ආරක්ෂාවට පොලිසියේ 35,000ක්

උත්සව සමයේ ආරක්ෂාවට පොලිසියේ 35,000ක්

අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඒ සදහා දිවයින පුරා පොලිස් නිලධාරීන් 35,000ක් යොදවා ඇති බවයි.

විශේෂයෙන් ජනතාව බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට අමතරව කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා රථ වාහන රාජකාරී නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.