ගිනි අවි සහ අත්බෝම්බ ගැන දෙන ඔත්තු වලට ගෙවන තෑගි මුදල ඉහළට

ගිනි අවි සහ අත්බෝම්බ ගැන දෙන ඔත්තු වලට ගෙවන තෑගි මුදල ඉහළට

පොලිස් භාරයට ගනු ලබන ගිනි අවි සහ අත්බෝම්බ සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල වැඩි කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මෙහි එක් පියවරක් ලෙස නීති විරෝධී ගිනිඅවි හා අත්බෝම්බ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතින අතර, ඒ සඳහා සියළු පොලිස් නිලධාරින් හා පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමට පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලබන ත්‍යාග මුදල ඉහළ දැමීමටයි තීරණය කර තිබෙන්නේ.

එමෙන්ම මෙම ගිනිඅවි හා අත්බෝම්බ සම්බන්ධ තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර බවද, මේ සම්බන්ධව තොරතුරු වෙතොත් පොලිසිය දැනුවත් කරන ලෙසද ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.