සජබ පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

සජබ පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

සමගි ජන බලවේගය මීට සුළු මොහොතකට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී ආරම්භ කළ විරෝධතාවයට ජාතික පුස්ථකාලය අසලදී පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී මීට සුළු මොහොතකට පෙර මෙම විරෝධතා පාගමන ආරම්භ විය.

“වෙනසක් හදන වසරක් 2024” යන මැයෙන් විරෝධතාවය සංවිධානය කර තිබිණි.

විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින්, සමගි ජනබලවේගයේ සියලුම කාන්තා හා තරුණ ශාඛා සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share This