ජනපති අපේක්ෂකයන්ට පොලිසියෙන් උපදෙස්

ජනපති අපේක්ෂකයන්ට පොලිසියෙන් උපදෙස්

ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව, දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස පොලීසිය ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට උපදෙස් ලබා දී තිබේ.

ඔවුන් කියා සිටියේ අපේක්ෂකයන්ගේ ප්‍රධාන රැස්වීම් වලට පොලීසිය දැඩි ආරක්ෂාව යොදා තිබුණද අපේක්ෂකයන් වේදිකාවට පිවිසීමේදී සහ නික්ම යාමේදී ආධාරකරුවන් පිරිවරාගෙන කටයුතු කිරීම තුළ පවතින දැඩි අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ බවයි.

එමෙන්ම කළුවර ස්ථානවල රැස්වීම් පැවැත්වීම මඟින් ආරක්ෂක අංශ අසීරු තත්වයකට පත්ව සිටින බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව වාර්තාවක් දෛනිකව ලබා ගැනීමට තීරණය කර තිබේ.