පොලිස් ප්‍රධානීන් රැසකට ස්ථාන මාරු

පොලිස් ප්‍රධානීන් රැසකට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනකු ඇතුළු උසස් නිලධාරීන් 15 දෙනකුට පොලිස් කොමිසමේ නිර්දේශ පරිදි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජී.අයි.ඩී.අර්. විජේසිංහ මහතා නුවරඑළිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ,අනුරාධපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජි.ඒ.එන්.එල්. විජේසේන මහතා කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ටී. සුගතපාල මහතා අනුරාධපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර ඇත.

එමෙන්ම මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එල්.යූ.ඒ. සරත් කුමාර මහතා පොලිස් ක්ෂේත්‍ර බළකා දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, මඩකලපුව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඒ.එල්.යූ.එන්.පී. ලියනගේ මහතා කුරුනෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඒ.එස්.පී.සී. වෙදමුල්ල මහතා බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත්කර ඇත.

යාපනය කොට්ඨාස බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒජේ. විශාන්ත මහතා මඩකලපුව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂ තනතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එන්. ද සොයියා මහතා මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ආර්. අඹේපිටිය මහතා කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් පත්කර ඇත.

ඊට අමතරව පුත්තලම කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ මහතා කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත්, ගම්පොළ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඒ.ආර්.පී. අමරසිංහ මහතා තෙල්දෙණිය කොට්ඨාස බාර නිලධාරී ලෙසත්, හලාවත කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ඒ. සූරියබණ්ඩාර මහතා යාපනය කොට්ඨාස බාර නිලධාරී ලෙසත් මාරුකර ඇත.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතා පුත්තලම කොට්ඨාස භාර නිලධාරී ලෙසත්, විභාග කොට්ඨාසයේ පොලිස් අධිකාරී ජී.බී.ජේ.එස්. චන්ද්‍රසේකර මහතා විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, මීගමුව කෝට්ඨසයේ පොලිස් අධිකාරී ඒ.පී.එස්. අමරතුංග මහතා හලාවත කොට්ඨාස බාර නිලධාරී ලෙසත් පොලිස්පතිවරයා පත්කර ඇත.