ඔළු බක්කන් නටවන්න කිසිසේත් ඉඩ දෙන්නේ නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඔළු බක්කන් නටවන්න කිසිසේත් ඉඩ දෙන්නේ නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

වෙසක් සතිය තුළ ඔළු බක්කන් නැටවීමට කිසිසේත් ඉඩනොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

එමෙන්ම මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් වෙසක් කාලයට නොගැලපෙන නුසුදුසු විවිධ කටයුතු සිදු නොකරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව ආගමට, සදාචාරයට සහ සංස්කෘතියට නොගැළපෙන ආකාරයේ කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙසත් පොහොය දිනය ඇතුළු වෙසක් දිනවල එවන් ක්‍රියාවලට කිසිසේත් ඉඩ නොදෙන බවත් පොලිස් මූලස්ථානය අවධාරණය කරනවා.

මේ අතර යතුරුපැදිවල හිස්වැසුම් නැතිව දෙදෙනෙකුට වැඩිය පුද්ගලයන් දමාගෙන යාමට මෙන්ම ත්‍රිරෝද රියවල පාලනය කරගත නොහැකි ආකාරයේ පිරිස් පටවාගෙන යන්නවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන් ම පරිත්‍යාගශීලීන් මාර්ගවල ගමන් කරන අයට ආහාර ලබා දීමේදී මාර්ගය අවහිර නොකරන ලෙසත් දන්සලක් ඉතා කෙටි වේලාවක් පවත්වා ඉන්පසුව බීමත්ව ගීත ගායනා කරමින් කරමින් සිටින්නන්ට එරෙහිව ක්‍රියාත්මක වී එවැනි ක්‍රියා නතර කරලීමට පොලිසියට මේ වනවිටත් උපදෙස් ලබා දී ඇති බවත් ඒ මහතා පැවසුවා.

Share This