ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව,

1.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.පී.බී. සමරපාල මහතා – කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරි තනතුරට අමතරව අශ්වාරෝහක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීම සඳහා.

2.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්.කේ.ඩී. පලිස්කාර මහතා – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස.

3.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.එම්.කේ.සී. තිලකරත්න මහතා – ගාල්ල කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස.

4.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.බී. මැදවල මහතා – ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස.

5.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ. එදිරිමාන්න මහතා – මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට ගාල්ල කොට්ඨාස භාර නිලධාරි ලෙස.

6.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජී. දර්ශන මහතා – අධිකරණ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට සේවස්ථ පුහුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස.

7.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඒ.ඩී.රත්නවීර මහතා – මොණරාගල කොට්ඨාසයේ සිට මුලතිව් කොට්ඨාස භාර නිලධාරි ලෙස.

8.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එන්. ගුණවර්ධන මහතා – පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මොණරාගල කොට්ඨාස භාර නිලධාරි ලෙස පත් කර තිබෙනවා.