පොලිසියේ ගිනි අවිය උදුරන්න ගිය අයෙකුට වෙඩි

පොලිසියේ ගිනි අවිය උදුරන්න ගිය අයෙකුට වෙඩි

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමේදී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් නිලධාරීයකු අත තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කරද්දී තවත් නිලධාරියකු සැකකරුගේ පාදයට වෙඩි තබා මෙල්ල කළ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ මත් කුඩු ග්‍රෑම් හයක් පොලිස් බාරයට ගෙන ඇත.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ලහිරු දිලන්ත නම් මිනුවන්ගොඩ රාජසිංහපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වන්නේ තරිඳු හේෂාන් නම් උග්ගල්බොඩ, උණපඳුරවත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකි.