
වැඩතහනම්ව හෝ සේවය අතහැර ගොස් සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ නිවේදනයක්
වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත නිලධරයන්, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අනාවරණය කර ගැනීමට අදාල වෛද්‍ය පරීක්ෂණයකට අනිවාර්යෙන් පෙනී සිටිය යුතු බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නියෝග කර තිබේ.
ඒ අනුව, ඉහත සඳහන් පොලිස් නිලධරයින් සේවයේ පිහිටුවීමට හෝ නැවත සක්‍රීය සේවයට එක් කිරීමට පෙර පොලිස් රෝහලේදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට අදාළ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවටයි, වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇත්තේ.
කිසියම් නිලධරයෙක් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වන්නේ නම් එම නිලධාරියා වෙත නැවත සේවය පිහිටුවීම හෝ නැවත සක්‍රීය සේවයට එක්වීමට අවස්ථාව ලබා නොදෙන බව වැඩ බලන පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් දන්වා තිබේ.