හිටපු පොලිස්පතිට යළි සේවා දිගුවක්

හිටපු පොලිස්පතිට යළි සේවා දිගුවක්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, ඔහු හෙට (09) හෝ අනිද්දා (10) දිනයේ යළි සේවයට වාර්තා කිරීමට නියමිත බවටයි, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව සිටි අතර ජනාධිපතිවරයා විසින් ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී තිබුණි.

එලෙස ලබාදුන් සේවා දිගුව පසුගිය ජුනි මස 26 වනදායි න් අවසන් විය.

Share This