ඝාතන සිද්ධියකට සැකකරුවකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

ඝාතන සිද්ධියකට සැකකරුවකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

අම්බලන්ගොඩ පොලිස් වසමේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌරවත්ත ප්‍රදේශයේ දී පසුගිය 2024 වසරේ නොවැම්බර් මස 10 වන දින වෙඩි තබා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

බටපොල, පන්සල පාර ඉදිරිපිට, පොල්හුන්නාව ලිපිනයේ පදිංචිව සිටි වැල්ලගේ චමත් හර්ෂක පැතුම් නැමැති මෙම සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි, පොලිසිය සදහන් කළේ.

ඒ, අනුව පහත ඡායාරූපවල සිටින සැකකරු පිළිබඳව තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි, මහජනතාව වෙත දැනුම් දෙන්නේ.

071- 8591484 / 091 – 2291095