
වාද්දුව පොලීසියේ 04 ක් අත්අඩංගුවට
වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු නිවෙසට ගොස් සිටියදී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ, පරීක්ෂණ අවසන් වන තෙක් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇති බවයි.
අත්අඩංගුවේ සිටියදී කළ පහර දීමක් හේතුවෙන් නිවෙසට පැමිණීමෙන් පසු රෝගාතුර වී ඔහු මියගිය බවටයි, මියගිය පුද්ගලයාගේ බිරිද සහ ඥාතීන් පොලීසියට චෝදනා කළේ.
මෙලෙස මියගොස් තිබුණේ වාද්දුව – තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක් දරු පියෙක්.