
රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (08) රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, නිකවැරටිය මොන්නෑකුලම, කරිහට්ටිකුලම පදිංචි එච්.එම්. උපුල් මධුශංක (37) නැමැති රස්නායකපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකි.
මියගිය කොස්තාපල්වරයා රස්නායකපුර කඩිගාව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 8.00 ට පමණ තවත් පොලිස් නිලධාරියකු සමග වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.