නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සනිටුහන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

රජග‍හනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම අද වැනි නවම් පුර පසලොස්වක පොහෝ දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

එමෙන්ම ඕවාද ප්‍රාති මෝක්ෂය දේශනා කිරීම ද අද වැනි පොහෝ දිනක සිදුවුණා.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකයි.

නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සෑම වෙහෙර විහාරස්ථානයකදීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.