පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ එම පක්ෂයට විරුද්ධව පොල් ගැසීමට සූදානම් වීමත් සමඟ එහි උණුසුම් තත්වයක් ඇති විය.

“රට වනසන පනත් පරාජය කරමු” ලෙස සටහන් කළ විරෝධතා පුවරු සහිතවයි මෙම පිරිස පැමිණ ඇත්තේ.

එහිදී, සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ සිටි පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පොලිසිය මැදිහත්ව නිරාකරණය කර තිබේ.

විරෝධතාකරුවන් ගෙනා පොල් ගෙඩිවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් දෙදෙනෙක්ගේ නම් සහ පොහොට්ටුව ලෙස සටහන් කර තිබූ අතර ඔවුහූ පාරේ පොල් ගසා විසිර ගියහ.

දෙපිරිස අතර ගැටුමක් ඇතිවීම වැලැක්වීම සඳහා කැරලි මදර්දන පොලිසිය ද කැඳවා තිබුණි.

එහිදී එම ස්ථානයෙන් වාහනයකින් ගිය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වූ අතර එහිදී අමාත්‍යවරයා පැවසුවේ නැවතත් රට විනාශ කිරීමට එම පිරිස උත්සහ කරන බවයි.

Share This