“එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ” ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

“එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ” ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

“එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ” ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එම පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස, දූෂණයට, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්කට අනුව වැලිකඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික සංකීර්ණයකදී කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

බොරැල්ලේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අදාල පුද්ගලයන් මුදල් ලබාගනිද්දී අද (14) පස්වරුවේ අත්අඩංගුවට පත්වූ බව ද එම ප්‍රකාශකයා කීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එම පක්‍ෂයේ හිටපු ලේකම් සහ එම පක්‍ෂයෙන් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයෙක් ද සිටින බවත් ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවත් එම ප්‍රකාශකයා කීය.