පොඩි මැණිකේ දුම්රිය හපුතලේදී ගිනිගනී

පොඩි මැණිකේ දුම්රිය හපුතලේදී ගිනිගනී

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රියේ පිටුපස එන්ජිමේ අද (03) පෙරවරුවේ හදිසියේ ගින්නක් හටගෙන තිබේ.

හපුතලේ දුම්රිය ස්ථානයට ආසන්නයේ දී දුම්රියේ මෙම ගින්න හටගෙන තිබේ.

අනතුරුව දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයට පැමිණීමෙන් පසු එම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ පොලීසිය ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න නිවීමට කටයුතු කර ඇත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

ගින්නෙන් කිසිවෙකුටවත් හානි සිදුවී නොමැති අතර දුම්රියේ ඉදිරිපස එන්ජිමේ ආධාරයෙන් දුම්රිය යළි ගමන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Share This